A Brand of Non Media Shout (Private) Limited

මාර්තු 05 සිට විදුලිය කප්පාදුවක් නැහැ – විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන්

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරනවා. පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද

මිතුරන් සමග ‌බෙදාගන්න

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරනවා.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී උපදෙස් දී ඇත්තේ, අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසයි .

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තවත් පුවත්