බදුරලිය කෙලින්කන්ද නිවසක් ඉදිරිපිට දී අද (02) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසනවා
මෙලෙස තුවාල ලබා ඇත්තේ පනස් තුන් හැවිරිදි කාන්තාවක්.
තුවාල ලැබූ කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇය සමග කලක් එකම නිවසක වාසය කළ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරය ඇයගේ අතකට සහ පපු පෙදෙසට වැදී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි පහර එල්ල කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ
වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැහැ