යුක්රේනයේ ප්‍රධාන ජල සැපයුම් කලාපයත් රුසියාවට
රුසියාව අද 7 වැනි දිනටත් යුක්රේනයේ කියුව් ඇතුළු ප්‍රධාන නගර වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කර්සොන් නගරය අද රුසියානු හමුදා විසින් අත්පත් කර ගත් බවයි.
එම නගරයේ ලක්ෂ 3කට අධික ජනතාවක් වාසය කරනු ලබයි.
යුක්රේනයේ ප්‍රධාන ජල සැපයුම් කලාපයක් ද වන කාර්සොන් සැලකෙන්නේ, රුසියාව අත්පත්කරගත් විශාලතම නගරය ලෙසය.
රුසියානු හමුදාව යුක්රේනයේ වැදගත් නගරයක් අත්පත් කර ගනී