A Brand of Non Media Shout (Private) Limited

රුසියාව පළමු වරට හෙළි කළ මරණ දත්ත..

යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1597 දෙනෙකු

මිතුරන් සමග ‌බෙදාගන්න

යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔවුන් තහවුරු කරන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියාව තමන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.

ආරක්ෂාව පතා වෙනත් රටවල් වෙත පළා ගොස් සිටින යුක්‍රේන ජාතිකයන් සංඛ්‍යාව ලක්ෂ 8කට අධිකයි .

තවත් පුවත්