A Brand of Non Media Shout (Private) Limited

වැල්ලවාය ඇල්ලවල දියඇල්ල සංචාරකයන්ට තහනම්..

වැල්ලවාය,ඇල්ලවල දිය ඇල්ල අද(03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබෙනවා. අද දින සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළු වීම හෝ දිය

මිතුරන් සමග ‌බෙදාගන්න

වැල්ලවාය,ඇල්ලවල දිය ඇල්ල අද(03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබෙනවා.

අද දින සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළු වීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා ප්‍රකාශ කළේ.

තරුණයන් දෙදෙනකු මිය යාමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර පසුගිය මාස කිහිපය තුල පුද්ගලයන් දහතුන් දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේ මියගොස් තිබෙනවා.

වැල්ලවාය පරිසර කමිටුව විසින් දිය ඇල්ල වසා තැබීමට මෙලෙස තීරණය කර ඇති අතර නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇල්ල නැවත සංචාරකයන්ට විවෘත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

තවත් පුවත්