අද (03) දිනයේදීත් පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බවයි.