හෙරොයින් සමග දෙදෙනෙකු කොටුවෙයි..

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මෙරටට හොර රහසේ ආනයනය කරන ලද රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන

මිතුරන් සමග ‌බෙදාගන්න

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මෙරටට හොර රහසේ ආනයනය කරන ලද රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකරුවන් අංගොඩ හා මුල්ලේරියාවෙි පදිංචි වයස අවුරුදු 36ක හා 51ක පුද්ගලයන්

ඔවුන් හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 160ක් සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර වෙරළබඩ පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී සිදු කළ වැටලීමකදී රජයේ රූපමය අවවාද නොමැති තීරු බදු මුදල් නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තවත් පුවත්