කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් තවත් සුළු මොහොතකින් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වේ.
රජයේ ආරංචි මාර්ග සදහන් කළේ තවත් සුළු මොහොතකින් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.
එම ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
මේ හැරුණු විට කැබිනට් අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ අමාත්‍ය ධුරයන්හි සංශොධන සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර මෙතෙක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අමාත්‍ය උදය ගම්මන්පිල හා විමල් වීරවංශ එම අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.