කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාව සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව එම අමාත්‍ය ධූර වලින් ඉවත් කර තිබේ.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ එම අමාත්‍ය ධූර වලින් ඉවත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත්කර ඇත.
බලශක්ති අමාත්‍ය ධුරය – ගාමිණි ලොකුගේ
විදුලිබල අමාත්‍ය ධුරය – පවිත්‍රා වන්නිආරච්චි
කර්මාන්ත අමාත්‍ය ධුරය – එස්.බි.දිසානායක