A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකා,ඉන්දීයා පළමු තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය

මිතුරන් සමග ‌බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය

තරගය මොහාලිහිදී මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 300 වන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයකි.

එම තරගය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විරාත් කෝලීගේ සිය වන ටෙස්ට් තරගය ද මෙය වෙයි.

අද තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට සියයට 50ක ධාරිතාවක් යටතේ අවස්ථාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති අතර කඩුළු රකින ක්‍රිඩක ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රිඩා කිරිමට නියමිත බවටය.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න
පැතුම් නිස්සංක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලසිත් ඇඹුල්දෙණිය

තවත් පුවත්