තණකොළ කපමින් තිබූ ට්‍රැක්ටර් රථයක තලය ගැලවී ගොස් සිරුරේ වැදීමෙන් සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පූනෑව ශික්ෂා නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නාවික සෙබලෙක් ඊයේ (03) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
හමුදා සෙබලුන් දෙදෙනෙක් එම කඳවුරේ වෙඩිතලාවට ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර තණකොළ කපමින් තිබූ ට්‍රැක්ටර් රථයක තලය ගැලවී ගොස් එක් සෙබලෙකුගේ සිරුරේ වැදී තිබෙනවා.
එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ නාවික සෙබලා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි ආධුනික සෙබලෙක් බවයි පොලිසිය පැවසුවේ.
මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත්කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදීම සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.