පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මාධ්‍යවේදීයා – අද අමාත්‍ය ධුරයෙන් ඉවත් වනවාද ?
පිළිතුර – නෑ, මම අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා. අමාත්‍ය ධුරයේ කටයුතුවල නිරත වෙන්නේ නෑ. කැබිනට් මණ්ඩලයට යන්නේ නෑ. මම ඉල්ලනවා මේ වැරදී තීරණය ගැන යුක්තියක්.
මාධ්‍යවේදීයා – මේ බල අරගලය නිසා ජනතාවගේ පඩි ගන්න , අමාත්‍ය ධුරයේ වැඩ කරන්නේ නෑ කියන එක හරිදි ඇමතිතුමා ?
පිළිතුර – ඕනේ නම් පඩියත් නොගෙන ඉන්න පුලුවන්. මගේ මන්ත්‍රි පඩිය ඇති. මගේ මන්ත්‍රි පඩියෙන් මට යැපෙන්න පුලුවන්.