A Brand of Non Media Shout (Private) Limited

හමුදාව ගැන බොරු කිව්වොත් අවුරුදු 15 කට හිරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ෆේස්බුක්,ට්විටර් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රුසියාව පියවර් ගෙන තිබේ. යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග හුවමාරු වන

මිතුරන් සමග ‌බෙදාගන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ෆේස්බුක්,ට්විටර් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රුසියාව පියවර් ගෙන තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග හුවමාරු වන සාවද්‍ය තොරතුරු සඳහා වැට බැඳීමක් ලෙස මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක්ද රුසියාවේ සිට වාර්තාකරණය මේ වනවිට අත්හිටුවා තිබේ.

රුසියානු හමුදා සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15 ක සිර දඬුවම් නියම කිරීමට හැකි නව නියෝගයකට අත්සන් තැබීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ(04) පියවර ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

තවත් පුවත්