A Brand of Non Media Shout (Private) Limited

ලබන සඳුදා යළි පාසල් ඇරඹේ..

උසස් පෙළ විභාගයෙන් පසු නව පාසැල ආරම්භය ලබන සඳුදා(07) සිදුවෙයි. එහිදී ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසු සිසුවියන් පාසැල් වෙත කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව

මිතුරන් සමග ‌බෙදාගන්න

උසස් පෙළ විභාගයෙන් පසු නව පාසැල ආරම්භය ලබන සඳුදා(07) සිදුවෙයි.

එහිදී ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසු සිසුවියන් පාසැල් වෙත කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩුනම් සෑම දිනකම සියලු පන්ති පැවැත්විය හැකියි.

සිසුන් සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩායම් 02 කට වෙන් කර සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමට ද තීරණය කර තිබේ.

සිසුන් 40 ට වඩා වැඩිනම් සිසුන් සමාන කොටස් 03 කට වෙන් කර පන්ති පැවැත්විය යුතු බවට දන්වා ඇත.

පාසැලට නොකැඳවන සිසු කණ්ඩායම්වලට විකල්ප ඉගෙනුම් ක්‍රම භාවිත කරමින් අදාළ විෂය කොටස් ආවරණය කළ යුතු වේ.

තවත් පුවත්