හෙට සිට සියලු අංශ වෙත ඉන්ධන – තෙල් සංස්ථාවෙන් පොරොන්දුවක්

අද (06) දිනයේදීත් පැය දෙක හමාරක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා,

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (06) දිනයේදීත් පැය දෙක හමාරක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා,

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඒ අනුව, A,B සහ C කලාපවලට පමණක් පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය කප්පාදුව සිදුවිය හැකි බවයි.

සෙසු කලාපවලට අයත් ප්‍රදේශ සඳහා අද (06) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රජය දුන් පොරොන්දුව පරිදි ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාල සීමාව අඩු විය හැකි බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

මේ අතර රටේ සියලුම අංශ සඳහා හෙට (07) දිනයේ සිට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් වෙත අද (06) දිනයේ දී ඩීසල් බෙදාහැරීම සිදුවන බවයි එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ.

තවත් පුවත්