දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්න තොග වෙළෙඳසැලක් ගිනි ගනී..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්න තොග වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. තොග වෙළෙඳසැලේ ඊයේ (05) මධ්‍යම රාත්‍රී හටගත් ගින්න අද (06) අලුයම වන විට පාලනය කළ

මිතුරන් සමග ‌බෙදාගන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්න තොග වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

තොග වෙළෙඳසැලේ ඊයේ (05) මධ්‍යම රාත්‍රී හටගත් ගින්න අද (06) අලුයම වන විට පාලනය කළ බව පොලීසිය පැවසුවේය.

දඹුල්ල මහ නගර සභාවේ සහ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථ යොදා ගනිමින් ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්නෙන් වෙළෙඳසැලට සහ දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

තවත් පුවත්