“වැඩ කරන අපේ විරුවා” ගීතයේ ඔබ නොදත් කතාව..

ශ්‍රී ලංකාවේ ගීත නිර්මාණ ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස රන් අකුරින් සටහන් වන්නේ හැත්තෑව අසූව දශකයන්ය. අද දක්වාම තවමත් විවාහයක් වේවා, සාදයක් වේවා රස ගැන්වීමට

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ගීත නිර්මාණ ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස රන් අකුරින් සටහන් වන්නේ හැත්තෑව අසූව දශකයන්ය.
අද දක්වාම තවමත් විවාහයක් වේවා, සාදයක් වේවා රස ගැන්වීමට පැරණි ගීත නොමැතිව හැකියාවක් නොමැති තරම්ය.කෙසේ නමුත් අදත් ඉද හිට කනින් කොනින් ඇතැම් “මතක හිටින” පදමාලාවන් සහිත ගීතයන් කන නොවැකෙනවාම නොවේ.

එවන් මතක හිටින මතක හිටිය ගීතයක් තමයි ” විශ්වය පුරා විහිදි ගියා” කියන අපූරු ගීතය.
මේ ගීතය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාදනය වූ ගීතයන්ගෙන් එකක් බව අපට ඉදුරාම කිව හැකිය.වෙසක් සමයට පමණක් කරලියට එන මොහිදින් බෙග් මහතාගේ ගී තැටියටම තනිව අභියෝග කල හැකි තරමටම අපට මේ ගීතය රටේ තොටේ සෑම තැනකම වාදනය වන ආකාරය දැකිය හැක.

ගීතය පිළිබද බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක් පිළිබදව මුලින්ම අපි සටහන් කිරිම උචිතයැයි මට සිතේ.
ගීතය බිහිවූයේ 2019 වසරේදී ය.මෙම අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.ඇය යුගයේ ජනප්‍රියම සංගීත නිර්මාණශිල්පියෙකු වන පසන් ලියනගේ ගේ මෑණියන් ය.මෙම ගීතයට ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ ‍විසින්මය.එසේම මෙම පද රචනාව රාව ප්‍රතිරාව නැංවෙන ලෙස හඩ මුසු කර තිබෙන්නේ චතුල ඉන්ද්‍රචාප හා ටෙහානි ඉමාරා විසිනි.

ගීතය අසන ඕනෑම කෙනෙකුන්ට එම සංගීතය මෙන්ම පද මාලාව සිතට මෙන්ම ගතටද ජවයක් දනවන අයුරින් ඉතා රමණීයව ගලපා ඇත.ඒ පිළිබදව විවාදයක් නොමැති තරම්ය.ඉදින් මේ ගීතය ශ්‍රී ලාංකික ගීත ක්ශේත්‍රයේ නොමැකෙන සලකුණක් වී හමාරය.ඒ සියළු ගෞරවයන් ගීතය වෙනුවෙන් වෙහෙස මහන්සී වූ සියලුම කලාකරුවන්ට සමසේ බෙදී යා යුතුමය.

සටහන අවසානයට ඉතා කෙටියෙන් මෙසේ ලියා තැබිය යුතුමය.ගීතයක් වේවා, සිනමාවක් වේවා ඕනෑම කලාකෘතියක් වේවා රසවින්දනයට සීමා මායිම් වාරන දැමිය නොහැක.

නමුත් පරිකල්පනය කර ගොඩ නගන ගීතයක ඇති දෑ සැබෑ ලෝකයේ බලාපොරොත්තු වීම “මෝඩකමක් ම පමණි”

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

 

තවත් පුවත්