A Brand of Non Media Shout (Private) Limited

සටන් විරාමයෙන් පසු ගැටුම් යළි උත්සන්න වෙයි..

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (07) පැවැත්වීමට නියමිතය. මේ අතර යුක්‍රේන ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් රුසියානු

මිතුරන් සමග ‌බෙදාගන්න

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (07) පැවැත්වීමට නියමිතය.

මේ අතර යුක්‍රේන ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් රුසියානු අණ දෙන නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව විසින් සකසන ලද සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඉදිරි යුද පෙරමුණට පැමිණීමට සිදුව ඇති බවත් එහිදී පහසුවෙන්ම යුක්‍රේන ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වන්නට ඇති බවත් බටහිර බුද්ධි අංශ සඳහන් කළේය.

මේ අතර, රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 11ක් ගතවෙද්දී රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ.

බටහිර බුද්ධි අංශ වාර්තා අනාවරණ කරන්නේ ඉදිරියේදී කියුව් අගනගරය ඇතුළු ප්‍රධාන නගර වෙත රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාර වේගවත් හා තීව්‍ර කරනු ඇති බවය.

කියුව් අගනුවර අසල බුචා, ඉර්පින් නගරවල ඊයේ (05)දරුණු ගැටුම් වාර්තා වුණි.

මේ අතර සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත්කළ පැය 5ක සටන් විරාමය අවසන් වීමෙන් පසු ගැටුම් යළි උත්සන්න වී තිබේ.

තවත් පුවත්