A Brand of Non Media Shout (Private) Limited

පාන් රුපියල් 100 ටත් ගන්න බැරි වෙයිද?

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවිය හැකි බවත් ,රුපියල් 150 දක්වා පවා ඉහළ යා හැකි බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ

මිතුරන් සමග ‌බෙදාගන්න

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවිය හැකි බවත් ,රුපියල් 150 දක්වා පවා ඉහළ යා හැකි බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි.

“අද වෙනකොට අපට දැනගන්න තියෙන විදිහට බේකරි 1,000 වැඩි ප්‍රමාණයක් වහලා තියෙනවා තවකාලිකව වැඩකරගන්න බැරුව. ඒ සමගම සියලුම බේකරිවල වැඩ කරන්නේ සතියට දවස් 05යි උපරිම. දවස් 05කට වඩා වැඩකරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100කම් පනිනවා අනිවාර්යෙන්ම.

තවත් පුවත්