රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවධානමක ද?

කොවිඩ් වසංගතය හේතුවෙන් බටහිර රටවල සංචාරකයින්ගේ පැමිනීම අඩු වුවත් රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ පැමිනීමත් සමග එම රටවල් දෙක ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රභල විදේශ

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් වසංගතය හේතුවෙන් බටහිර රටවල සංචාරකයින්ගේ පැමිනීම අඩු වුවත් රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ පැමිනීමත් සමග එම රටවල් දෙක ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රභල විදේශ මුදල් ප්‍රභවයක් බවට පත්විය.

මෙම දිනවල හටගෙන ඇති රුසියානු යුක්‍රේන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට නැවතත් යම්කිසි ගැටලු සහගත තත්ත්වයකට පත්වීමට සිදුවන්නේ බැදුම්කර ණය ආපසු ගෙවීමටත් ඇති පසුබිමකය.

මෙම වසරේ මේ වන තෙක් ශ්‍රී ලංකාවට පැමිනි සංචාරකයින්ගෙන් හතරෙන් එකක්ම රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් බවට නිල දත්ත පෙන්වා දෙයි. තවද, පසුගිය දෙවසර තුල ශ්‍රීලංකා තේ සදහා තුන්වෙනි විශාලතම ගැනුම්කරුවා වූ රුසියාව ජනවාරි මාසයේදී දෙවැනි විශාලතම ගැනුම්කරුවා විය.

වියදම් සහ ආදායම් පිලිබදව සවිස්තරාත්මක තොරොතුරු තවමත් ලබා ගැනීමට නොහැකි වුවද, සංචාරක කර්මාන්තය සහ තේ කර්මාන්තය 2022 වර්ශයේ මේ වනතෙක් ඩොලර් මිලියන 260කට අදික විදේශ මුදල් උපයා ඇත. මෙම උපයන සෑම ඩොලරයක්ම වැදගත් වන්නේ සමස්ත විදේශ විනිමය සංචිතය ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.36 දක්වා 25% කින් පමන පහත වැටුනු බැවිනි. Bloomberg economics හී ඇස්තමේන්තුවලට අනුව ජංගම ගිනුමේ හිගය පියවා ගැනීමට අවශ්‍ය මුදල් ද ඇතුලුව 2022 දී ශ්‍රීලංකාව ඩොලර් බිලියන 5.7 ක අරමුදල් අවශ්‍යතාවයකට මුහුණ දීමට සිදු වේ.

මෙම සංචිත වැඩි ප්‍රමානයක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන මුදල් හුවමාරු මාර්ග වැනි ද්වීපාර්ශවික ආධාර වලින් සමන්විත වන අතර ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ වැඩිම සහ වේගවත්ම උද්ධමනය පවත්වාගෙන යයි. විදේශ ආයෝජකයින්ද කනස්සල්ලට පත්ව සිටින්නේ ශ්‍රීලංකාව සිය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් හෝ දැනට ඩොලරයට සම්බන්ද රුපියලේ වටිනාකම අවප්‍රමානය නොකලහොත් ජූලි මාසයේදී කල් පිරෙන් බැදුම්කර ආපසු ගවීමට ශ්‍රී ලංකා රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වේයැයි සිතාය.

“ගෙවීම් ශේෂය ප්‍රධාන ප්‍රශ්නයයි. සංචිත අඩුවෙමින් පවතී, රුපියලේ අගය වෙනස් කිරීමට ඉඩ නොදෙන අතර රජය ඉන්ධන මිල වැඩි නොකලහොත් රජය සතු රාජ්‍යය ව්‍යවාසයන් තවත් පාඩු ලබන තත්වයට පත්වේ” යනුවෙන් ආසියානු ස්වෛරී ණය ප්‍රධානී Kenneth Akintewe පැවසීය. තවදුරත් අදහස් දක්වමින් “මේ අවස්තාවේ එකදු හෝ විදේශ මුදල් ප්‍රභවයක් සුරක්ශිත කර ගැනීම වඩාත් හදිසි අවශ්‍යතාවයකි” ලෙස පවසා සිටී.

ප්‍රතිපත්ති සම්පාදකයින් නැවත වරක් අවධාරනය කරන්නේ ඔවුනේ සැලසුම මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමට වඩා ප්‍රතිමූල්‍යකරණය කිරීමට උත්සහ කරන බවයි. “මෙම අර්බුදය තවත් උත්සන්න නොවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු” ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කර ඇති අතර මෙම තත්ත්වය පිලිබදව තම ආයතනය පරික්ශාකාරීව සිටින බවද ඔහු පෙන්වා දී ඇත.

යුක්‍රේන අර්බුදය ශ්‍රී ලංකා ආර්ථිකයට නරක ලෙස බලපා ඇති බවත් දේශීය තෙල් මිල තවත් ඉහල දැමීමට සිදුවේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේශ් පතිරන මහතා පවසා සිටියේය.

රූබල් අගය සීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම නිසා රුසියානු ගැනුම්කරුවන් තේ මිලදී ගැනීම් පිළිබදව අනතුරු අගවා ඇති බවට Ceylon Tea Brokers PLC හී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේශ් ප්‍රනාන්දු මහතා පැවසීය, යුක්‍රේන ගැනුම්කරුවන් කිහිප දෙනෙකුද අපනයනකරුවන්ට පවසා ඇත්තේ නැවත දැනුම්දෙන තුරු නැව්ගත කිරීම් නොකරන ලෙසටයි.

මෙම සතියේ පැවැත්වෙන තේ වෙන්දේසියේදී මෙම රුසියානු යුක්‍රේන අර්බුදය මෙරට තේ මිල කෙරෙහි ඇතිකර ඇති බලපෑම දැකගත හැකි වනු ඇතැයි ප්‍රනාන්දු මහතා තවදුරටත් පැවසීය.

අන්තර්ජාතික වෙළදාමේදී සදුදා වන විට ඩොලරයට සාපේක්ශව රූබලයේ අගය 29%කින් පමන අඩුවිය. රුසියානු ජනාධිපති පුටින් එරට න්‍යශ්ටික බලඇණි සීරුවෙන් තැබීමට කටයුති කිරීමත් සමග එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය රුසියානු මහ බැංකුවට සම්බාධක පැනවීමටත් සමහර රුසියානු බැංකු SWIFT තුලින් කපා හැරීමටත් පියවර ගෙන ඇත.

“වසංගතයෙන් පසු මධ්‍යම යුරෝපය විශේෂයෙන් රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් පැමිනෙණ සංචාරකයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කලා” යනුවෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පවසා සිටියේය. යුක්‍රේන රුසියා ගැටුම නිසා දැන් එය සිදු නොවෙනු ඇතැයි පවසමින් ඔහු පවසා සිටියේ එම ගමනාන්ත වලින් මේ වන විට අවලංගු කිරීම් රාශියක් සිදුකර ඇති බවද පෙන්වා දෙමිනි.

ඉදිරි සතියේදී පෙබරවාරි මස උද්ධමන දත්ත රජය මගින් ප්‍රකාශ කරනු ඇත. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඩොලරය ආරක්ශා කරගැනීම සදහා තවදුරටත් ආනයන සීමා කිරීම් සහ ගෝලීය වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යාම් නිසා මෙරට මිල ගනන් තවත් 14.6%කින් පමන ඉහල යාමක් පෙන්නුම් කරන බවයි.

තවත් පුවත්