ශේන් වෝන් මියගිය කාමරයේ රුධිර පැල්ලම් කිහිපයක්..

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාමරයේ පොළව මත සහ තුවා කිහිපයක එලෙස රුධිර පැල්ලම් තිබී හමුවී ඇති බවයි.

එමෙන්ම සිහිසුන්ව ඔහු බිම වැටි සිටියදී කෘත්‍රිම ශ්වසනය ලබාදුන් අවස්ථාවේදීත් ඔහුගේ මුවෙන් රුධිරය ගලාගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත පොලීසිය සදහන් කර ඇත්තේ ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු යමක් මෙතෙක් නැති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය නිවැරදිම තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බව විමර්ශන නිළධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

තවත් පුවත්