A Brand of Non Media Shout (Private) Limited

ගෑස් නැතිව බේකරි සිය ගණනක් වසා දමයි

දැනට පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ලංකාවේ බේකරි දහසකට අදික ගණනක් වසා දමා ඇති බව කර්මාන්ත සංගමය අද (07) ප්‍රකාශ කලේය. ජනවාරි මාසයේදී රටේ

මිතුරන් සමග ‌බෙදාගන්න

දැනට පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ලංකාවේ බේකරි දහසකට අදික ගණනක් වසා දමා ඇති බව කර්මාන්ත සංගමය අද (07) ප්‍රකාශ කලේය.

ජනවාරි මාසයේදී රටේ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 2.36කට අඩුවීමත් සමග ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුලු ආනායන සදහා ගෙවීමට රජය ඉතා අසීරු තත්ත්වයකට ඇද වැටීමත් සමග රට දරුණුතම මූල්‍යය අර්බුදයකට මුහුණ දී සිටී.

රට පුරා ඉන්ධනහල් වල මිනිසුන් පෙළ ගැසී සිටින අතර විදුලි බලාගාර වසා දැමීම නිසා දවසකට පැය හතකට අදික කාලයක් විදුලිය විසන්ධිවීම්ද දැක ගැනීමට හැකිය.

ගෑස් හිගය නිසා ඇතැම් ප්‍රදේශවල පාන් මිල රුපියල් 150 දක්වා දෙගුණයකින් පමන ඉහල ගොස් ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති. N K Jayawardena මහතා ප්‍රකාශ කර සිටියේය.

“මේ තත්ත්වය තව සතියක් පැවතුනහොත් සියයට 90ක් පමන බේකරි වැසීමට සිදුවේවි. බෝහෝ බේකරි කරුවන් ණය ලබාගෙන සිටීම නිසා ඒවා ගෙවා ගැනීමට බැරිව අසරන වෙන්න පුලුවන්. මේ සදහා රජය ඉක්මනින් විසදුමක් සෙවිය යුතුයි.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

පාන් නිෂ්පාදන, බත් මෙන් අත්‍යවශ්‍ය ආහාරයක් නොවන නමුත් සෑම ගමකම බේකරි නිශ්පාදන සපයන එකදු හෝ බේකරියක් තිබේ.

ගෑස් හිගය කුඩා ආපනශාලා හිමිකරුවන් මෙන්ම නිවාස ඒකක වලටද පහර දෙමින් සිටී. සැපයුම් නොමැති කම හේතුවෙන් ගෑස් වෙලෙන්දන්ද දුසිම් ගණනකට තම ව්‍යාපාර වසා දැමීමට සිදු විය.

“සාමාන්‍යයෙන් අපට දින දෙකකට වරක් ගෑස් සිලින්ඩර් 100ක් පමන ලැබෙනවා. පසුගිය සදුදා ඉදන් අපට කිසිවක් ලැබී නෑ.” ගෑස් අලෙවිසලක හිමිකරුවෙකු පැවසීය. ඔහු තවදුරටත් ” මගේ ලග ඩිලිවරි කොල්ලෙක් හිටියා, ඒත් දැන් එයාටත් රස්සාවක් නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ” යනුවෙන් පැවසීය.

ලාෆ්ස් ගෑස් සමාගමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසූවේ බැංකු ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රතික්ෂේප වීම නිසා ආනයන ඇණහිට ඇති බවයි. සමාගම සාමාන්‍යයෙන් මසකට ඩොලර් මිලියන 50ක් පමන වටිනා ගෑස් ටොන් 15,000ක් පමන කටාර් සහ ඕමාන් රටවල් වලින් මිලදී ගන්නා ලදී.

“අපි සාමාන්‍යයෙන් සිල්ලර වෙළෙන්දන්ට මසකට සිලිඩර් 40,000 – 50,000ක් පමන නිකුත් කරන නමුත් එය දැන් 2000කට පමන අඩු වෙලා. පසුගිය සිකුරාදා සිට එක් සිලින්ඩරයක්වත් වෙළදපලට නිකුත් කරල නෑ” යනුවෙන් නම සදහන් නොකල නිලදාරියෙකු පැවසීය.

ලාෆ්ස් සහ අනෙක් ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම් වල ප්‍රකාශකයින් මේ පිලිබදව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකාවට අද සහ සතො අන්තයේ ඩීසල් නැව් දෙකක් ලැබීමට නියමිත අතර එමගින් ඉන්ධන හිගය අර්ධ වශයෙන් සමනය වනු ඇති බවට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් K D R olga මහතා පැවසීය.

“ටොන් 30,000 ක ඉන්ධන තොගයක් දැනටමත් වරායේ ඇති අතර හෙට සිට තාප බලාගාර සදහා ඉන්ධන නිකුත් කිරීමට ආරම්භ කරනවා” Olga මහතා පැවසීය.

නමුත් ninenews අප වෙත ලැබී ඇති තොරොතුරු අනුව මේ වන තෙක් වරාය ආසන්නයේ ඇති ඉන්ධ නැව් දෙක සදහා කිසිදු මුදලක් ගෙවා නැති බව දැනගැනීමට හැකි විය. Ninenews.lk (07/03/2022)

තවත් පුවත්