විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලැබීම මත ඉදිරියේ දී දෛනිකව සිදුකරන විදුලි කප්පාදු කාල සීමාව පැය එක හමාරක් දක්වා අඩුකර ගත හැකි බව මහජන උපයෝගිතා කොම්ෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මේ අතර විදුලිය නිපදවීමට අවශ්‍ය දැවිතෙල් රැගත් නෞකාවක් මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති බවත් අද දිනය තුළ එම ඉන්ධන නෞකාවට ගෙවීම් සිදුකර කඩිනමින් ඉන්ධන ගොඩබෑම් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මේ අතර අද (08) දිනයේ දීත් පැය හත හමාරක කාලයක් සඳහා විදුලි කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.