යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාව සමග ව්‍යාපාරික සබඳතා අත්හැරීමට ජාත්‍යන්තර බහුජාතික සමාගම් රැසක් මේ වනවිටත් පියවර ගෙන ඇති අතර, නෙට්ෆ්ලික්ස් සිනමා මාධ්‍ය නාලිකාව සහ ටික්ටොක් වීඩියෝ හුවමාරු සමාජ මාධ්‍යය ඊට එක් වී ඇති නව සන්නාමයන්ට ඇතුළත්.
රුසියානු ජාතික මාධ්‍ය සමූහය සමග සිය මෙහෙයුම් පවත්වාගෙන යන නෙට්ෆ්ලික්ස්හි රුසියානු ග්‍රාහක සංඛ්‍යාව මිලියනයක් පමණ වනවා.
ඊට පෙර වෝල්ට් ඩිස්නි, පැරමව්න්ට්, සෝනි කෝපරේෂන් සහ වෝනර් මීඩියා ආදී හොලිවුඩ් සිනමා සමාගම් සිය චිත්‍රපට රුසියාවේ ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබුවා.
ටික්ටොක් සමාජ මාධ්‍යය රුසියානු මෙහෙයුම් අත්හිටුවා ඇත්තේ, ව්‍යාජ පුවත් ලෙස රුසියාව හඳුන්වන නව නීතිය ඊට බලපෑමේ අවදානම හේතුවෙන්.
එම නීතිය මඟින් යුක්රේන යුද්ධයට එරෙහි විවේචකයන් නිහඬ කිරීමට ජනපති පුටින් උත්සාහ දරන බවට යි බටහිර රටවල් චෝදනා කරන්නේ.
රුසියානු රජය පසුගිය සිකුරා දා එරට තුළ ෆේස්බුක් සමාජ මාධ්‍යය ද අවහිර කරනු ලැබුවා.
සැම්සුන්, නයික්, ඇපල් ආදි ජාත්‍යන්තර සන්නාමයන් රැසක්ම මේ වනවිට රුසියාවෙන් නික්මී අවසන්.