සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 12 වනදා ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු බලඇණිය තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් ඉන්දීය සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
ආබාධයක් හේතුවෙන් අක්සාර් පටෙල්ට පසුගිය දකුණු අප්‍රිකා සංචාරය සහ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය අහිමි වී ගියා.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලෝර්හිදී 12 වනදා ආරම්භ වීමට නියමිතයි.