ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නැවකින් ගෑස් ගොඩබෑම ආරම්භ කර තිබේ.
අලුයම සිට ගෑස් ගොඩබෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
උදෑසන 07 සිට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ බවත්, දහවල් වන විට පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමට හැකිවනු ඇති බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
පළමුව ගෑස් ලබාදීම සිදුවන්නේ රෝහල් කර්මාන්ශාලා ඇතුලු අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර මෙන්ම බස්නාහිර පළාත සඳහායි.
මෙම නෞකාවේ ඇති ගෑස් තොගය මෙටිට්‍රික් ටොන් 3,600 ක්. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙටිට්‍රික් ටොන් 1,100 ක් පමණ වනවා.
ඒ අනුව මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණයි.