A Brand of Non Media Shout (Private) Limited

කොවිඩ් වැළඳුනු අයගේ මොළයේ වෙනස්කම්..

නවතම අනාවරණයකින් හෙළිවූ දේ කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට විද්‍යාඥයින් විසින් නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ්

මිතුරන් සමග ‌බෙදාගන්න

නවතම අනාවරණයකින් හෙළිවූ දේ

කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට විද්‍යාඥයින් විසින් නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වැළඳීමට පෙර සහ පසු ගන්නා ලද MRI ස්කෑන් පිටපත් අනුව මොළයේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි වූ බව මෙම අධ්‍යයනය සිදු කරන ලද විද්‍යාඥයින් පවසයි.

සුළු ආසාදනයකදී පවා මොළයේ විශාලත්වය යම් ආකාරයේ හැකිලීමකට භාජනය වන අතර, ගඳ සුවඳ දැනීමේ සහ මතක ශක්තියට අදාළ කොටස්වල වෙනසක් සිදුවන බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

මෙම වෙනස්කම් ස්ථිරව පවතී ද නැද්ද යන්න පිළිබඳව අදාළ පර්යේෂකයින් පැහැදිලි කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් පුවත්