A Brand of Non Media Shout (Private) Limited

දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රූපවාහිනී නාලිකා

දැනට ක්‍රියාත්මක වන මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල ඍජුව ලැබෙන්නේ සමස්ත දරුවන්ගෙන් 40%ක ප්‍රමාණයකට පමණක් වන නිසා රූපවාහිනී අධ්‍යාපන නාලිකා සඳහා වන නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස

මිතුරන් සමග ‌බෙදාගන්න

දැනට ක්‍රියාත්මක වන මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල ඍජුව ලැබෙන්නේ සමස්ත දරුවන්ගෙන් 40%ක ප්‍රමාණයකට පමණක් වන නිසා රූපවාහිනී අධ්‍යාපන නාලිකා සඳහා වන නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස දෙවන සතිය වන විට ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනාවකට අනුව, පසුගිය කැබිනට් මණ්ඩල ‍රැස්වීමේ දී PEO TV ජාලයෙන් නාලිකා හතක් (07) අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට තීරණය වුණා. ඊට අමතරව සැටලයිට් තාක්ෂණය අධාරයෙන් නාලිකා සමූහයක් ඒකාබද්ධව ඇරඹීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම නාලිකා අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා මෙන්ම පූර්ව ළමා විය දරුවන් සඳහාම වෙන් වූ නාලිකා දෙකක් ආරම්භ කිරීම සුවිශේෂ වනවා. ( Nine News )

 

 

තවත් පුවත්