අද පිනිපලසෙන් අපි කතා කරන්නේ රටේ බොහෝදෙනකු අඳුරන බොහෝමයක් වැඩසටහන් තුළින් නිතරදෙවේලේ රූපවාහිනියෙන් දකින්න ලැබෙන සුන්දර නිවේදිකාවක් ගැන. ඇය සචිනි නිපුන්සලා. හැමදාම කතා කරන ලංකාවේ කලාකරුවන්ගේ විස්තරවලින් ටිකක් ඔබ්බට ගිහින් අපි හිතුවා සචිනිගේ ජීවිතේ ගැන චුට්ටක් කතා කරන්න.
සචිනි කොහොමද මේ කාලේ ජීවිතේ ගෙවෙන්නේ?
මේ දවස්වල විශේෂ මුකුත්ම වැඩක් නැහැ. ගෙදරට වෙලා තමයි ඉන්නේ. වැඩසටහන් සියල්ල කලින් රෙකෝඩ් කරලා තියෙන නිසා ඒවට සම්බන්ධ වෙන්නෙත් නෑ මේ ටිකේ.
ඔබව ප්‍රේක්ෂකයා අඳුරන්නේ දක්ෂ නිවේදිකාවක් සහ නර්ථන ශිල්පිණියක් විදිහට. ඊට අමතරව ඔවුන් දැකලා නැති ඔබට ඇති දක්ෂතා මොනවද කියලා ඇහුවොත්…
ඊට අමතරව දක්ෂතා නෑ අනේ ඇත්තටම. හොඳට උයන්නනම් පුළුවන්. පාසල් කාලේ හොඳට ඉගෙනගත්තා. මුලින්ම විද්‍යාසර බාලිකාවට ගිහින් උසස් අධ්‍යාපනයට විසාකා බාලිකාවට ගියා. උසස්පෙළින් පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මාකටින් පිළිබඳ උපාධියක් ලබාගත්තා. ඉගෙනගන්න තමයි කලාවට අමතරව දක්ෂ.
සෞන්දර්යාත්මක වැඩසටහන් මෙහෙයවන නිසා සින්දු කියන්නනම් පුළුවන් ඇති.
සින්දු කියන්නනම් කොහෙත්ම බෑ. නමුත් කෙනෙක් සින්දුවක් කියද්දි ඒක අවුට් කියනවද පිච් එකට කියනවද කියලා අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. මං හිතන්නේ දැන් අවුරුදු ගාණක් ලිට්ල් ස්ටාර් එක්ක හිටපු නිසා වෙන්න ඇති.
දෙරණට සම්බන්ධ වෙලා කොච්චර කලක් ගතවෙලාද?
මම මුලින්ම දෙරණට සම්බන්ධ වුණේ 2006දී. එතකොට මම පාසල් යන කාලේ. ඒ කාලේ දෙරණේ Dragon’s tale කියලා කාටුන් වගයක් ගියා. ඒකේ තරගයක් තියලා ජයග්‍රායකයෝ තේරුවට පස්සේ එයාලට දුන්නා කේක් වගයක්. ඒ ජයග්‍රාහකයන්ව නිවේදනය කරන්න තමයි මම ගියේ.
2006 ජයග්‍රාකයන්ව නිවේදනය කරන්න ආපු සචිනි අද වෙනකොට දෙරණ පවුලට නැතිවම බැරි නිවේදන ශිල්පිණියක් වෙලා. මේ ආපු ගමන ගැන අද ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
සතුටුයි වගේම මට හරිම ආඩම්බරයි. මොකද ගොඩක් දේවල් ඉගෙනගත්ත තැනක් මෙතන. ඒ වගේම අද සචිනි කියලා කෙනෙක්ව කවුරුහරි දන්නවනම් දෙරණ සචිනි කියලා තමයි දන්නේ. මාධ්‍ය ආයතනයේ නමත් එක්ක බැඳුණු එච්චර හැඳින්වීමක් මට තියෙන්නේ දෙරණ නිසා. මේ දක්වා ආපු ගමනේ මම එක එක විදිහේ වැඩසටහන් මෙහෙයවලා තියෙනවා එන්ටර්ටේන්මන්ට් වැඩසටහන්වල ඉඳලා පෝය වැඩසටහන් වෙනකල්ම. හැමදේකම අත්දැකීම් තියෙන්නේ මේ ආයතනය නිසා. ඒක ආඩම්බරයක් වගේම ලොකු ගෞරවයක් මුසු හැඟීමක්.
ප්‍රේක්ෂකයා අතරට යන්න පුළුවන් වුණේ මොන වැඩසටහනෙන්ද?
2006දි මම මුලින් කියපු වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ ළමා වැඩසටහන් කීපයකම මම නිවේදන කටයුතු කළා. ඊට පස්සේ අම්මයි මමයි, අමුතු මුතු, කතන්දර හැන්දෑව සහ ලස්සන අහස කියලා හවසට යන වැඩසටහනක් කිහිපයක්ම කළා. මිනිස්සු අඳුරගත්තෙනම් ලිට්ස් ස්ටාර් හරහා. මම ලිට්ල් ස්ටාර් එකට සම්බන්ධ වුණේ 2008 වසරෙදි දෙවෙනි සීසන් එකේදි.
දෙරණත් එක්ක රැඳිලා ඉන්න අතරේ වෙන මාධ්‍ය ආයතනවලට එන්න කියලත් ආරාධනා ලැබිලා ඇති…
ඇත්තටම නැහැ.
සුන්දරත්වය පවත්වගෙන යන්න මොනවද විශේෂයෙන් කරන්නේ?
විශේෂ දෙයක් කරන්නේ නෑ පෙනුම පවත්වගෙන යන්න කියලා. මම හැබැයි කෑම ගැන ටිකක් හිතනවා. මොකද මගේ සැමියත් කෑම ගැන හරිම සැලකිලිමත්. ඔහුව බැන්දට පස්සේ මම ඉස්සර කනවා වගේ නෙවේ ඒ පුරුද්ද වෙනස් වෙලා. ඒ කියන්නේ එයා ඔළුවට දානවා මේ දේවල් කන්න, මේවා ඇඟට හොඳයි කියලා. ඉස්සර මට වතුර පෙවෙන්නේ හරිම අඩුවෙන්. දැන් මම හිතලම පුළුවන් තරම් වතුර බොනවා. ව්‍යයාම වුණත් ඒ වගේ. බඳින්න කලින් ව්‍යායාම ලොකුවට කරපු කෙනෙක් නෙවේ මම.
නමුත් දැන් සියලුම දේ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙලා කරනවා. ඔය වගේ දේවල් තමයි. ඊට අමතරව වෙන කිසි දෙයක් කරන්නෑ සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් විදිහට පිරිසිදුකම පවත්වගෙන යන්න බොඩි ලෝෂන්ස් වගේ දේවල් පාවිච්චි කරනවා. එච්චරයි. ඉසුරුව හම්බුණ කාලේ ඉඳන් කන එක තමයි වෙනස්ම වුණේ.
කොරෝනා නිසා ගෙදරටම කොටු වෙලා ඉන්න කාලේ වැඩි අවදානයක් යොමු කරන දෙයක් තියෙනවද?
මේ දවස්වල ටිකක් මහත් වෙලා නිසා බර අඩු කරගන්න උත්සාහ කරනවා. දවසේ ඉඩ ලැබෙන වෙලාවට ව්‍යයාමවලට වැඩි ඉඩක් වෙන් කරනවා. මේ වෙලාවේ අපිට ජිම් එකකට යන්නවත් එළියටවත් බහින්න බෑනේ. ඒ නිසා පුළුවන් තරම් ගෙදර ඉඳන් ඒ දේවල් කරනවා.
ඔබ කරන සියලුම දේවල්වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයා හැමදේකටම මාර සහයෝගයක් දෙන්නේ. නිවේදන කටයුතුවලටනම් ඇත්තටම ඔහුගෙන් එහෙම සහයෝගයක් ගන්න තරම් දෙයක් නෑනේ. ඒක මගේ රස්සාව. ඔහුට මම කරන දේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඊට අමතරව අපි යූටියුබ් එකේ, ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල කරගෙන යන වැඩසටහන් තියෙනවනේ. ඒ වැඩවලටනම් හොඳ සහයෝගයක් ලැබෙනවා. සමහරවෙලාවට වීඩීයෝස් එවනවා මේ වගේ කරන්න කියලා. ඒ වගේ අදහස් දෙනවා එයා. ෂූට් එකක් තිබ්බොත් එතනට ඇවිත් උදව් කරනවා. ඒ පැත්තෙන් එහෙමයි. ගෙදර ගැන කතා කළොත් දෙන්නම වැඩ බෙදාගෙන තමයි කරන්නේ. උයන එකේ ඉඳන් ගෙදර අස් කරන එක වෙනකල්ම එකතු වෙලා කරන්නේ. මම මේ දේ කරන්න ඕන ඔයා අර දේ කරන්න ඕන කියලා එකක් නෑ. හරිම සහයෝගයක් තියෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට පළවෙන නින්දාසහගත ප්‍රකාශයන් ගැන ඔබට කියන්න දෙයක් ඇති.
ඒ කියන දේවල් මට අදාළ නැත්නම් මම ගණන් ගන්නෑ. මිනිස්සුන්ට කමෙන්ට් කරන්න අයිතිය තියෙනවනේ. හැබැයි ඒ දේ හරි විදිහට වැදගත් විදිහට ගන්න ඒ කමෙන්ට් කරන අය දැනගන්න ඕන. ඒ දාන කමෙනට්ස්වලින් මගේ වැරැද්දක් පෙන්නලා තියෙනවනම් මම ඒ දේ හදාගන්නවා. එහෙම නැතුව මට අදාළ නැති ප්‍රකාශයන්වලට මම ප්‍රතිචාර දක්වන්න යන්නෙ නෑ.
අවසාන වශයෙන් කියන්නකො සචිනි – ඉසුරු ආදර කතාව ගැන කෙටියෙන්..
මමයි ඉසුරුයි 2011 ඉඳන්ම හොඳම යාළුවො වෙලා හිටියා. ඒ කියන්නේ අපිට ඉන්නවනේ ඕන වෙලාවක විශ්වාස කරලා ඕන දෙයක් කියන්න පුළුවන් යාළුවෙක්. මට එහෙම හිටපු එක යාළුවෙක් තමයි ඉසුරු. ඔහොම ඉතින් ඉද්දි 2017 මුල් කාලේ වෙනකොට අපි දෙන්නම තනිකඩව හිටියේ. තනිකඩ කොල්ලෙක් එක්ක ඉතින් තනිකඩ කෙල්ලෙක් කතා කරනවා වැඩියිනේ. ඔහොම ගිහින් පොඩි පොඩි කතාබහ ටික ටික ලොකු වෙලා ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසෙදි ආදරයක් වුණා. 2020දි බැන්දා. මම ඉසුරුට කොහොමත් මුල් කාලේ ඉඳන්ම කැමතියි. ඔහු genuine පුද්ගලයෙක්. එයාටත් ඒ වගේම හැඟීමක් තමයි මං ගැන තිබුණෙත්.
එරන්දි කෞශල්යා – Nine News