බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ලේදී රූගත කර තිබූ අසභ්‍ය වීඩියෝ පටයක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ වන විට සමාජ මාධ්‍ය සහ අනෙකුත් වැඩිහිටි වෙබ් අඩවි වල සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙකු සඳහන් කළේ වීඩියෝ පටයේ මූලාශ්රය සහ එය සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කළ පුද්ගලයා සොයා ගැනීම සඳහා විමර්ශකයින් මේ වන විට අවධානය යොමු කර ඇති බවයි.
සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වන අසභ්‍ය වීඩියෝ පට පිළිබඳව පුද්ගලයින් කිහිප දෙනෙකු අවධානය යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.