Bourne Innovations කණ්ඩායම සංවිධානය කරපු UNITE 2022 Event එක පසුගිය 18 සෙනසුරාදා නෙළුම් පොකුන එළිමහන් පරිශ්‍රයේ සාර්ථක ලෙස පැවැත්වුනා. UNITE 2022 පැවැත්විමට ප්‍රදාන හේතුව වුයේ අපේ රටේ දරුණු ඖෂධ හිගයකට මුහුණ දිලා ඉන්න වෙලාවක රිච්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන චුටි පැටවුන්ට ඖෂධ අරන් දෙන්න.United 2022 ප්‍රසංගය සදහා තරුණ, තරුණියන් පිරිසක් සහභාගි වු අතර සංගිතවත් කිරීම සදහා Music Band දෙකක් සහභාගි විම මෙහි විශේෂත්වයක් වුනා, මුල් පැය කිහිපය Ware House Project කණ්ඩායම සංගිතමය වශයෙන් UNITE 2022 සදහා හොඳ ආරම්භයක් සහ වින්ඳනයක් තම ප්‍රේක්ෂකයන් වෙත ලබා දුන්නා. මෙහිදී Warehouse House Project සංගීත කණ්ඩායම සමගින් කෝකිල පවන්, සුපුන් පෙරේරා, DJ ILLIPSE, Drill Team වෙස්ට්නාහිර කණ්ඩායමේ සාමාජිකයින් සහ ජනප්‍රිය Centigradz සංගීත කණ්ඩායම ඉතා කැපි පෙනුණි.
ඉන් පසුව Daddy සංගීත කණ්ඩායම Randhir, Chitral Somapala, Lahiru Perera එක UNITE 2022 තම රසික රසිකාවන් වින්දනයට පත් කරනු ලැබුවා.
අප කල වීමසීමකදි Bourne Innovations කණ්ඩායම සඳහන් කරේ, මෙම ව්‍යාපෘතිය සඳහා Lady Ridgeway ලමා රෝහලේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සමස්ත වෛද්‍යවරුන් ගෙ කණ්ඩායම ද , Idea Route හි සමස්ත කණ්ඩායම ද , ප්‍රවින ගීත රචක ජගත් පෙරේරා, Black Pepper, Mr.Kottu, CameraLK, Konara Vlogs, Ratta, AV Rase, Edirisinghe AutoEngineering, Cyber Dreams Network, 3DR Solutions, Nine News, Brilliance Studio ඇතුළු සමාගම් ඉතා විශාල සහයෝගයක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා දුන් බවයි.