සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

ව්‍යාජ ආරාධනා පත්‍රයක් ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන “සිරි දළදා වන්දනාව” සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කරන පත්‍රිකාවක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය

මිතුරන් සමග බෙදාගන්න

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන “සිරි දළදා වන්දනාව” සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කරන පත්‍රිකාවක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් මෙම ව්‍යාජ ආරාධනා පත්‍රය නිර්මාණය කර ඇති අතර, එහි සඳහන් වන්නේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසයි.

ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බවයි.

තවද, මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගෙන සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත් ද සත්‍ය නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්