සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක්

2019 අප්‍රේල් 21 වන ඉරිදා උදෑසන 8.45ට පමණ ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ ප්‍රධාන

මිතුරන් සමග බෙදාගන්න

2019 අප්‍රේල් 21 වන ඉරිදා උදෑසන 8.45ට පමණ ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් විනාශ විය. දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ නිවසක ද පිපිරීම් සිදුවිය. මෙම ප්‍රහාර හේතුවෙන් 270කට වැඩි පිරිසක් මිය ගිය අතර 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ.

මෙම ඛේදජනක සිදුවීමට වසර හයක් සපිරීම නිමිත්තෙන් දිවයිනේ පිහිටි සියලුම කිතුනු පල්ලි කේන්ද්‍ර කරගනිමින් අද (21) විශේෂ සිහි කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසීය. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදේශ තානාපතිවරුන්, ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතය.

දිවයිනේ සියලුම ආගමික ස්ථානවල උදෑසන 8.45ට සීනු නාද කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, පස්වරු 5.30ට වතිකාන ශුද්ධාශනය විසින් ප්‍රහාරයෙන් මියගිය අය ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත් කර දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත බව ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අද දිනයේ කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය නිවේදනය කරයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සිහි කිරීමේ පාගමනක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පැවැත්වීම සහ එහි විශේෂ දේව මෙහෙයක් පැවැත්වීම හේතුවෙන් මෙම රථවාහන සීමා කිරීම සිදු කෙරේ. ඒ අනුව, උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වෙරළබඩ පොලිස් වසමේ ඇතැම් මාර්ග තාවකාලිකව වසා තැබෙනු ඇත. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්