සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලුණු ආනයනය ප්‍රමාද වීමෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක්?

ලුණු ආනයනය පමා වීම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති වී තිබෙන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මෙට්‍රික් ටොන්

මිතුරන් සමග බෙදාගන්න

ලුණු ආනයනය පමා වීම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති වී තිබෙන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 30,000ක ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළත් එය ප්‍රමාද වී ඇති බවයි. එම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමඟ මේ වන විට පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළා.

මේ අතර, පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරන්නේ වෙළෙඳපොළේ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවයි. වාර්තා වන ආකාරයට කැට ලුණු කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වන බවත්, ඇතැම් පාරිභෝගිකයින් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කළ විමසීමකදී, එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ලුණු මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්