පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සහයෝගය දැක්වූ බවට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු (පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්) නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළා.
මෙම සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලිසිය භාරයට ගත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ නැවත ඔවුන් වෙත ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව, එම භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.