බැංකු ගිණුම් විවෘත කිරීමේදී (TIN) අංකය අනිවාර්ය කෙරේ

දේශීය ආදායම් පනතට වැදගත් සංශෝධන කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙයින් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැන්පත්කරුවන්ට සහන සැලසීම සහ බැංකු ගිණුම් විවෘත කිරීමේදී බදු

මිතුරන් සමග බෙදාගන්න

දේශීය ආදායම් පනතට වැදගත් සංශෝධන කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙයින් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැන්පත්කරුවන්ට සහන සැලසීම සහ බැංකු ගිණුම් විවෘත කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීම අපේක්ෂා කෙරෙනවා.

නව සංශෝධන අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 1.8 කට වඩා අඩු තක්සේරු ආදායමක් ලබන සියලුම දේශීය තැන්පත්කරුවන්ට පොලී මත රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අය කිරීමෙන් නිදහස් වීමට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි.

මෙම පියවර ගෙන ඇත්තේ, 2025 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීමත් සමඟ, රුපියල් මිලියන 1.8 ක වාර්ෂික ආදායම් සීමාවට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයන් පවා මෙම බද්දට යටත් වීමෙන් ඇති වූ අපහසුතාවන් නිරීක්ෂණය වීම හේතුවෙන්. මෙම සංශෝධනය මගින් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාවට

තවත් වැදගත් සංශෝධනයක් ලෙස, සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙය රටේ බදු පදනම පුළුල් කිරීමට සහ බදු ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට දායක වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.

මෙම සංශෝධන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දීමට නියමිතයි. මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්