සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ රිය අනතුරකින් 7ක් රෝහලේ

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර

මිතුරන් සමග බෙදාගන්න

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී, දුම්රිය හරස් මාර්ගය අසල නවතා තිබූ වාහන දෙකක, වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. කන්ටේනර් රථය මුලින්ම නවතා තිබූ වෑන් රථයක ගැටී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්