සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස විරුදාවලිය ලැබූ අති විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 78

මිතුරන් සමග බෙදාගන්න

හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස විරුදාවලිය ලැබූ අති විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 78 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස සදහටම දෙනෙත් පියා ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සිනමාවට අමිල මෙහෙවරක් කළ මාලනී ෆොන්සේකා මහත්මිය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇයගේ විශිෂ්ට රංගනයන් තුළින් ලාංකේය සිනමා ඉතිහාසයට අමරණීය මතකයන් එක් කළ අතර, ඇය මෙරට සිනමා රසිකයින්ගේ හදවත් තුළ සදා නොමැකෙන චරිතයක් ලෙස රැඳී සිටිනු ඇත.

ඇයගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයටම මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවට ද මහත් පාඩුවකි. ඇයට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

වෙනත් පුවත්

උණුසුම් පුවත්