සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක කලාකරුවන් සමඟ එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර වැදගත් හමුවක් අද (මැයි 25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රට තුළ,

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර වැදගත් හමුවක් අද (මැයි 25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රට තුළ, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙවර ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළ අතර, ඒ වෙනුවෙන් සිය ස්තූතිය ද පළ කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව, ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබාදීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කළේය. සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසූ ජනාධිපතිවරයා, සමස්ත රට පුරා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමේ සැබෑ වුවමනාව වත්මන් රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්‍රහයන් ලබා දෙන බවටත් පොරොන්දු විය.

ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ. ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසඳුම් ලබාදීමට කටයුතු කළ අතර, එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ලක් විය. එමෙන්ම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නියෝජනය කරමින් අදහස් දැක්වූ ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු මහතා, වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බවත්, එහි කොටස්කරුවන්වීමට කලාකරුවන් ලෙස තමන්ද කැමැත්තෙන් පසුවන බවත් පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යූසුෆ් හනීෆ්, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්