මාලනී ෆොන්සේකා නිළි රැජිණට අද අවසන් ගෞරව

“හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස සැමගේ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 26) සිදු කිරීමට නියමිතයි.

මිතුරන් සමග බෙදාගන්න

“හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස සැමගේ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 26) සිදු කිරීමට නියමිතයි.

මේ වන විට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය, අද පෙරවරු 8.00ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

අනතුරුව, පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකර ඇති විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි. එහිදී බෞද්ධ ආගමික වතාවත්, පැවිදි අනුශාසනා සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීමක් පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්