සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

විදේශ ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි නීති ගෙන ඒමට කැබිනට් අනුමැතිය

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මෙය, ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව දරන ජාත්‍යන්තර කැපවීම

මිතුරන් සමග බෙදාගන්න

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මෙය, ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව දරන ජාත්‍යන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමකි.

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා – පැසිෆික් කලාපයේ (APG) සාමාජිකයකු වන අතර, මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට බැඳී සිටී.

FATF හි සාමාජිකත්ව නීති වලට අනුකූලව, FATF ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 6 කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වේ. ශ්‍රී ලංකාවට අදාළ 3වන ඇගයීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මගින් එම යෝජනාවේ විධි විධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ.

ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්