සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලොව පුරා SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරන්නේ, මෙම වසරේ (2025) පෙබරවාරි මැද භාගයේ සිට ගෝලීය වශයෙන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන SARS-CoV-2 සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

මිතුරන් සමග බෙදාගන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරන්නේ, මෙම වසරේ (2025) පෙබරවාරි මැද භාගයේ සිට ගෝලීය වශයෙන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන SARS-CoV-2 සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

මැයි 28 වැනි දින නිකුත් කළ නිවේදනයකින් WHO පෙන්වා දෙන්නේ, 2024 ජූලි මාසයේ සිට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 11%ක් ධනාත්මක වී ඇති බවයි. විශේෂයෙන්ම, නැගෙනහිර මධ්‍යධරණී කලාපය, අග්නිදිග ආසියාව සහ බටහිර – පැසිෆික් කලාපයේ රටවල මෙම SARS-CoV-2 ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ. මැයි මැද භාගය වන විට ගෝලීය SARS-CoV-2 රෝගීන්ගේ ප්‍රතිශතය 10.7%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, WHO අවධාරණය කරන්නේ මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව තවදුරටත් දැඩි අධීක්ෂණයක් සහ අධ්‍යයනයන් සිදු වන බවයි. සියලුම සාමාජික රටවල්වලට COVID-19 කළමනාකරණය කිරීම සඳහා අවදානම් මත පදනම් වූ, ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසට WHO දැනටමත් උපදෙස් දී තිබෙනවා. එන්නත්කරණය, විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් අතර, දරුණු රෝගී තත්ත්වයන් සහ මරණ වැළැක්වීම සඳහා ප්‍රධාන මැදිහත්වීමක් ලෙස සලකනු ලැබේ.

මේ අතර, ඊයේ (මැයි 28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව ඉහළ නංවා ඇති බවයි. අදාළ වෛරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අනුව, නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්