සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

2025 ලෝක රූ රැජිණ කිරුළ තායිලන්තයට

2025 Miss World කිරුළ දිනා ගැනීමට තායිලන්තය නියෝජනය කළ සුචාතා චුවංග්ශ්‍රී (Suchata Chuangsri) සමත් වී තිබෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති අති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී

මිතුරන් සමග බෙදාගන්න

2025 Miss World කිරුළ දිනා ගැනීමට තායිලන්තය නියෝජනය කළ සුචාතා චුවංග්ශ්‍රී (Suchata Chuangsri) සමත් වී තිබෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති අති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය.

මෙවර Miss World තරගාවලිය සඳහා රටවල් 108කට අධික සංඛ්‍යාවකින් රූ රැජිනියන් සහභාගී වූ අතර, ඔවුන් මහාද්වීප 4කට බෙදා එක් එක් මහාද්වීපයෙන් අවසන් වටයට තරගකාරියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනි.

මෙහිදී, ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසු (Hasset Dereje Admassu) පළමු අනුශූරතාවය දිනාගත් අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා (Maja Klajda) දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අනුදි ගුණසේකර, අවසන් 40 දෙනා අතරට පිවිසීමට අපොහොසත් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. කෙසේ වෙතත්, ඇය Miss World තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් කැපී පෙනෙන දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කළාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්