සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක්

සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන MV Wan Hai 503 යාත්‍රාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීටර්

මිතුරන් සමග බෙදාගන්න

සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන MV Wan Hai 503 යාත්‍රාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මීටර් 270ක් දිග මෙම නෞකාව පසුගිය ජූනි 07 වැනි දින කොළඹ වරායෙන් පිටත්වී මුම්බායි බලා ගමන් කරමින් තිබී ඇත. එය ජූනි 10 වැනි දින මුම්බායි ‘නවා ශෙවා’ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි. පිපිරීම සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතහැර දමා ගොස් තිබෙනවා. පිපිරීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව සඳහන් වේ.

සිද්ධිය සැලවීමත් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව විසින් කඩිනමින් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තිබෙනවා. තුවාල ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්