සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

වසර 9කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළට

පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ලෙස ඉහළට පැමිණ තිබෙනවා. ලෝක පාපන්දු

මිතුරන් සමග බෙදාගන්න

පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ලෙස ඉහළට පැමිණ තිබෙනවා.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. මෙය, 2016 වසරෙන් පසුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයෙන් ඉහළට පැමිණි පළමු අවස්ථාව ලෙස සනිටුහන් වේ. 2016 වසරේදී ශ්‍රී ලංකාව 195 වැනි ස්ථානයේ පසුවූ අතර, 2017 සිට මේ දක්වා කාලය තුළ 200 වැනි ස්ථානයෙන් පහළ රැඳී සිටීමට සිදුව තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑතක සිට සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කිරීමට සමත්ව තිබේ. විශේෂයෙන්, චීන තායිපේ කණ්ඩායම 3-1ක් ලෙස පරාජය කිරීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙම ප්‍රගතිය මගින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව නව බලාපොරොත්තු ඇති කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්