ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත්කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත අද (ජූනි 13) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී භාර දුන්නා.
නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා වසර 25කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් ඇති අයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙක් ද වන බව සඳහන් වේ. මෙම පත්වීමත් සමඟ ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි කටයුතු පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.