තෙල් හිඟයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට විවිධ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අමාත්‍යාංශය නිරීක්ෂණය කර තිබෙනවා. මෙය ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමට හේතු වී ඇත.
නමුත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග මේ වන විටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා. එපමණක් නොව, ඉදිරියට ඇණවුම් කරන ලද තෙල් තොග කිසිදු ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
එබැවින්, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය තොරතුරු සඳහා නිල මූලාශ්‍ර වෙත යොමු වන ලෙසයි.
අදාළ නිවේදනය පහතින්.