සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්, රුපියල් 50,000ක් වටිනා ශල්‍ය උපකරණ රුපියල් 175,000.00කට රෝගීන්ට අලෙවි කිරීමට අමතරව, මියගිය රෝගීන්ට පවා මොළයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්, රුපියල් 50,000ක් වටිනා ශල්‍ය උපකරණ රුපියල් 175,000.00කට රෝගීන්ට අලෙවි කිරීමට අමතරව, මියගිය රෝගීන්ට පවා මොළයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ අද (ජූනි 24) හෙළි කළා.

තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ මුදලට රෝගීන්ට ලබාදීම අරමුණු කරගෙන මෙලෙස මියගිය රෝගීන්ට පවා ශල්‍යකර්ම සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මොළය මියගොස් දින පහකට පසුවත් රෝගියාගේ හදවත යන්ත්‍රයක් මඟින් ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.

ශල්‍යකර්ම සිදු කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ සිය පුද්ගලික ආයතනය මඟින් මිලදී ගැනීමට සලස්වමින්, රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් රෝගීන්ට සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න, ඇයගේ ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් සහ රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික යන තිදෙනාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකාර වෛද්‍යවරිය රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝනය කරමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව රෝහලට ශල්‍ය උපකරණ මිලදී නොගෙන, ශල්‍ය උපකරණ විකිණීම සඳහා ආයතනයක් පිහිටුවාගෙන එම ආයතනය මඟින් රෝගීන් 300කට පමණ ශල්‍ය උපකරණ මුදලට ලබා දී ඇති බවට මෙතෙක් කරුණු හෙළි වී ඇති බව අල්ලස් කොමිසම පැවසුවා. රෝගීන් අතරින් 77 දෙනෙකුට මෙම අලාභය සිදු කර ඇති බවත්, තවත් රෝගීන් 92ක් දුරකථන මඟින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම බරපතළ සිද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ ආචාර ධර්ම පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් මතු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්