සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂක හිස්වැසුමකින් එල්ල වූ පහරදීමකින් තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. වාර්තා වන අන්දමට, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක්

මිතුරන් සමග බෙදාගන්න

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂක හිස්වැසුමකින් එල්ල වූ පහරදීමකින් තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

වාර්තා වන අන්දමට, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම මාරාන්තික ප්‍රහාරය සිදුව තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ 30 හැවිරිදි මෙම තරුණයා බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පසු ඔහු හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු නැවතත් හොරණ රෝහලට මාරු කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.

පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්