සිරස්තල
චීනයේදී හසිත අබේසේකරට රන් පදක්කම් 4ක්! ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා සභාපති ලෙසත්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ලේකම් ලෙසත් යළි තේරී පත්ව තිබෙනවා. ඊයේ (ජුනි 28)

මිතුරන් සමග බෙදාගන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා සභාපති ලෙසත්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ලේකම් ලෙසත් යළි තේරී පත්ව තිබෙනවා.

ඊයේ (ජුනි 28) පැවති මෙම නිලවරණයේදී ඔවුන් දෙදෙනා 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත වරක් සිය තනතුරු තහවුරු කර ගත්තා.

මෙම මැතිවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් ලෙස තරග වැදුණු අතර, අනෙක් පාර්ශ්වය නියෝජනය කළේ දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ මහත්වරුන්. ඔවුන්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින්, වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහත්වරුන් ප්‍රමුඛ පාර්ශ්වය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය යළිත් තහවුරු කර ගැනීමට සමත් වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්